එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
උත්පත්ති 27:39 - Sinhala Revised Old Version එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය; Sinhala New Revised Version එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ. Sinhala New Revised Version 2018 එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ. |
එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.
ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.
ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.