උත්පත්ති 25:19 - Sinhala Revised Old Version ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ගේ පරම්පරාව නම් මේය: ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය. Sinhala New Revised Version පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි. Sinhala New Revised Version 2018 පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි. |
ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.
ආබ්‍රහම්ගේ උපභාර්යාවවූ කෙතුරාගේ පුත්‍රයෝ මොව්හුය: ඈ ශිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා බිහිකළාය. යොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.
ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය;
ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,
උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.