එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.
උත්පත්ති 22:10 - Sinhala Revised Old Version තවද ආබ්‍රහම් තමාගේ අත දිගුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය. Sinhala New Revised Version මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. Sinhala New Revised Version 2018 මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. |
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.
මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.