ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 19:35 - Sinhala Revised Old Version

ඔව්හු ඒ රාත්‍රියෙහිත් තමන් පියාණන්ට මුද්‍රිකපානය පෙවුවෝය. බාල තැනැත්තීද නැගිට ඔහු සමඟ සයනයකළාය; ඇගේ සයනයකිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 19:35
8 හුවමාරු යොමු  

පසුවදා වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: බලව, ඊයේ රාත්‍රියේ මාගේ පියා සමඟ මම සයනයකෙළෙමි. අද රාත්‍රියෙහිත් අප විසින් ඔහුට මුද්‍රිකපානය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස නුඹත් ඇතුල්ව ඔහු සමඟ සයනය කරන්නැයි කීවාය.


මෙසේ ලොත්ගේ දූවරු දෙදෙනා තමන්ගේ පියා කරණකොටගෙන ගර්භිණීවූවෝය.


ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?


මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.


එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.


එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.