උත්පත්ති 14:9 - Sinhala Revised Old Version ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ද ජාතීන්ගේ රජවූ තිදාල්ද ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ද එල්ලාසාර්හි රජවූ අරියොක්ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධව සිද්දීම් මිටියාවතෙහි යුද්ධයට සැරසී සිටියෝය. Sinhala New Revised Version ඒලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගොයිම්හි රජ වූ තිදාල් ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධ ව සිද්දීම් මිටියාවතෙහි යුද්ධ කළහ. මෙය පස්දෙනෙකු, සතරදෙනෙකුට විරුද්ධ ව කරන සටනක් විය. Sinhala New Revised Version 2018 ඒලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගොයිම්හි රජ වූ තිදාල් ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධ ව සිද්දීම් මිටියාවතෙහි යුද්ධ කළහ. මෙය පස්දෙනෙකු, සතරදෙනෙකුට විරුද්ධ ව කරන සටනක් විය. |
ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී,
සිද්දීම් මිටියාවත වනාහි කීල් වළවලින් පිරී තිබුණේය; සොදොම සහ ගොමොරාහි රජවරු පලාගොස් එහි වැටුණෝය, ඉතිරි අය කන්දට පලාගියෝය.
එවිට සොදොම්හි රජද ගොමොරාහි රජද අද්මාහි රජද ශෙබොයිම්හි රජද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන රජවරු පස්දෙනා පිටත්ව ගොස්,
යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ඒලාම ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.