නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.
ආමොස් 5:23 - Sinhala Revised Old Version නුඹේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; නුඹේ වීණා නාදයත් නාසන්නෙමි. Sinhala New Revised Version නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. Sinhala New Revised Version 2018 නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. |
නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.
නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාළිගාවේ ගීතිකා ඒ දවසේදී දුකෙන් කෑගැසීම් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. බොහෝ මළකඳන් තිබෙනවා ඇත; ඔවුන් සෑම තැනම ඒවා නිශ්ශබ්දලෙස පිටත දමනවා ඇතැයි මට කීසේක.