ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ආමොස් 2:12 - Sinhala Revised Old Version

එහෙත් නුඹලා නසරියයන්ට මුද්‍රිකපානය බොන්ට දුන්නහුය; අනාගතවාක්‍ය නොකියන්නැයි අනාගතවක්තෘවරුන්ට අණ කළහුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.

පරිච්ඡේදය බලන්න



ආමොස් 2:12
8 හුවමාරු යොමු  

ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:


එබැවින්: නුඹ අප අතින් මැරුම් නොකන පිණිස ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට අනාගතවාක්‍ය නොකියන්නැයි කියා නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නාවූ අනතෝත්හි මනුෂ්‍යයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


මුද්‍රිකපානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා: මුද්‍රිකපානය බොන්නැයි කීමි.


බෙතෙල්හි නම් නැවත තවත් අනාගතවාක්‍ය නොකියන්න. මක්නිසාද එය රජුගේ ශුද්ධස්ථානයය, එය රාජ ගෘහයයයි කීවේය.


එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.


අනාගතවාක්‍ය නොපවසන්නැයි ඔව්හු අනාගතවාක්‍ය කියති. නින්දාවල් පහව නොයන්නේයයි ඔව්හු කියති.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල,


ඔහු මුද්‍රිකපානයෙන්ද මද්‍යපානයෙන්ද වැලකී සිටිය යුතුය; ඔහු මුද්‍රික කාඩිවත් මද්‍යපාන කාඩිවත් නොබිව යුතුය, මුද්‍රික ඵලවලින් සාදන කිසි බීමක්ද නොබිව යුතුය, අමු මුද්‍රික ඵල හෝ වේළුණ මුද්‍රික ඵල හෝ නොකෑ යුතුය.