එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.
2 සාමුවෙල් 9:12 - Sinhala Revised Old Version මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් විය. ශීබාගේ ගෙයිවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයෝව සිටියෝය. Sinhala New Revised Version මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ. Sinhala New Revised Version 2018 මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ. |
එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.
මෙලෙස මෙපිබොෂෙත් යෙරුසලමේ විසීය. මක්නිසාද ඔහු රජුගේ මේසයේ නිතරම කෑම කෑවේය; ඔහුගේ දෙපයම කොරව තිබුණේය.
ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය.
යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.