2 සාමුවෙල් 5:8 - Sinhala Revised Old Version ඒ දවසේදී දාවිත් කථාකොට: යෙබූසිවරුන්ට පහර දෙන සියල්ලෝම වතුර පාරට වැද, දාවිත්ගේ ආත්මය ද්වේෂකරන ඒ කොරුන්ටත් අන්ධයන්ටත් පහර දෙත්වයි කීවේය. එබැවින් අන්ධයාටත් කොරාටත් ගෙට ඇතුල්වෙන්ට නොලැබේයයි මනුෂ්‍යයෝ කියත්, Sinhala New Revised Version ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නොවිය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය. Sinhala New Revised Version 2018 ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නොවිය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය. |
දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.