සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
2 සාමුවෙල් 4:9 - Sinhala Revised Old Version දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, Sinhala New Revised Version දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි: Sinhala New Revised Version 2018 දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි: |
සියලු උවදුරෙන් මා මිදූ දූතයා වන තැනන්වහන්සේ මේ තරුණයන්ට ආශීර්වාදකරනසේක්වා; මාගේ නාමයද මාගේ පියවරුන්වූ ආබ්‍රහම්ගේ සහ ඊසාක්ගේ නම්ද ඔවුන් කෙරෙහි කියනුලැබේවා; ඔව්හු පොළොව මධ්‍යයෙහි සමූහයක්වෙන සේ වර්ධනයවෙත්වයි කීවේය.
සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.
එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,
ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,
ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.
මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
ඉතින් අද දවසේ ඔබගේ ප්‍රාණය මට උතුම්ව පෙනුණාක් මෙන් මාගේ ප්‍රාණයද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි උතුම්ව පෙනේවා, උන්වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවනසේක්වයි කීවේය.