යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.
2 සාමුවෙල් 24:4 - Sinhala Revised Old Version එහෙත් යෝවාබ්ගේද සේනාපතීන්ගේද වචනය යටපත් වී රජුගේ වචනය ස්ථිරවිය. යෝවාබ්ද සේනාපතීහුද ඉශ්‍රායෙල් සෙනඟ ගණන්කරන පිණිස රජු ඉදිරියෙන් පිටත්ව ගියෝය. Sinhala New Revised Version එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නොසලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ. Sinhala New Revised Version 2018 එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නොසලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ. |
යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.
ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.
එහෙත් යෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිරවිය. ඒ නිසා යෝවාබ් පිටත්වී මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ඇවිද,
එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භයවෙමින් මිසරයේ රජු අණදුන් ලෙස නොකොට පිරිමි දරුවන් නොමරා ඉතුරු කළෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන් කරනු ලබන තැනැත්තන්ගේ ගණන නුඹ ගන්නා කල්හි එනම් ඔවුන් ගණන් කිරීමේදී ඔවුන් අතරෙහි වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් ගණන් කිරීමේදී එක එක මනුෂ්‍යයා තම තමාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මිලයක් ස්වාමීන්වහන්සේට දේවා.
පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.