ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: නුඹේ සහෝදරවූ අම්නොන් නුඹ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු නුඹේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය.
2 සාමුවෙල් 19:19 - Sinhala Revised Old Version කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි. Sinhala New Revised Version රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නොකළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නොසැලකුව මැනව; එය සිතට නොගත මැනව. Sinhala New Revised Version 2018 රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නොකළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නොසැලකුව මැනව; එය සිතට නොගත මැනව. |
ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: නුඹේ සහෝදරවූ අම්නොන් නුඹ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු නුඹේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය.
ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය.
රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී,
ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.
ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.
ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.
නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.
එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.
මා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාරන්ට පටන් ගත්තේ මේ දවසේදීද? එය මාගෙන් දුරුවේවා. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාවූ මා කෙරෙහිවත් මාගේ පිය වංශයේ කිසිවෙකු කෙරෙහිවත් වරද නොතබත්වා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා මේ මුළු කාරණය ගැන අඩු වශයෙන්වත් වැඩි වශයෙන්වත් කිසිවක්ම නොදන්නේයයි කීවේය.
මාගේ ස්වාමිනි, ඒ දුර්ජන මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය, මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.
එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ නුඹට අනර්ඝව පෙනුණු නිසා නුඹට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.