2 සාමුවෙල් 18:4 - Sinhala Revised Old Version නුඹලාට ඉතා හොඳව පෙනෙන හැටියක් කරමියි රජ ඔවුන්ට කීය. රජ දොරටුවේ පැත්තකින් සිටිද්දී සියලු සෙනඟ සියය සියය බැගින්ද දහස දහස බැගින්ද පිටත්ව ගියෝය. Sinhala New Revised Version “ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. Sinhala New Revised Version 2018 “ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය. |
දාවිත් දොරටු දෙකට අතරේ ඉඳගන උන්නේය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේය, ඔහු ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් තනියම දුවගන එනවා දුටුවේය.
රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.
විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.
පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය ගණන්ද දහස් ගණන්ද වශයෙන් ආවෝය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආවෝය.