2 සාමුවෙල් 17:3 - Sinhala Revised Old Version මුළු සෙනඟ ඔබ වෙතට හරවාගන්නෙමි. ඔබ විසින් සොයන මනුෂ්‍යයා වනාහි සියල්ලන්ගේ හැරී ඒම හා සමානය. මෙසේ මුළු සෙනඟ සමාදානයෙන් සිටිනවා ඇතැයි කීවේය. Sinhala New Revised Version මනාලියක සිය සැමියා වෙත ගෙනෙනු ලබන පරිදි මම මුළු සෙනඟ ඔබ වෙත හරවා ගෙනෙන්නෙමි. ඔබ සොයන්නේ එක් කෙනෙකු මරන්නට ය; සෙසු අය සුරැකි ව සිටිනු ඇතැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 මනාලියක සිය සැමියා වෙත ගෙනෙනු ලබන පරිදි මම මුළු සෙනඟ ඔබ වෙත හරවා ගෙනෙන්නෙමි. ඔබ සොයන්නේ එක් කෙනෙකු මරන්නට ය; සෙසු අය සුරැකි ව සිටිනු ඇතැ”යි කීවේ ය. |
අබ්නේර් දාවිත්ට කථාකොට: මම පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙතට රැස්කරගන එන්නෙමි, මෙසේ ඔබගේ සිතට ආසා ඇති සියල්ලන් කෙරෙහි ඔබ රජකම්කරනවා ඇතැයි කීවේය. දාවිත් අබ්නේර් යන්ට ඇරියේය; ඔහු සමාදානයෙන් ගියේය.
සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.
සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.