ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 15:36 - Sinhala Revised Old Version

ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් හා අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද එහි ඔවුන් සමඟ සිටිති; නුඹලා දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත් අහීමයාශ් හා අබියාතර්ගේ පුත් ජොනතන් ද එහි ඔවුන් සමඟ සිටිති. ඔබ හැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත් අහීමයාශ් හා අබියාතර්ගේ පුත් ජොනතන් ද එහි ඔවුන් සමඟ සිටිති. ඔබ හැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 15:36
5 හුවමාරු යොමු  

රජ පූජකවූ ශාදොක්ට තව දුරටත් කථාකොට: නුඹට තේරෙනවාද? නුඹේ පුත්‍රවූ අහිමයාශ්ද අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද යන නුඹලාගේ පුත්‍රයන් දෙදෙනා සමඟ සමාදානයෙන් නුවරට හැරීයන්න.


එකල හූෂයි පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් කථාකොට: අහිතොපෙල් මේ මේ ආකාරයෙන් අබ්සලොම්ටත් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටත් මන්ත්‍රණය දුන්නේය; මම මේ මේ ආකාරයෙන් මන්ත්‍රණය දුනිමි.


යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.


ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; නුඹ විශ්වාස මනුෂ්‍යයෙක්ය, නුඹ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය.