ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 10:3 - Sinhala Revised Old Version

එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු තමුන්ගේ ස්වාමිවූ හානුන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙතට එව්වේ නුවර සෝදිසිකර ඔත්තු බලා ඒක විනාශකරන අදහසින් නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, “දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නො‍වේ දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, “දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නො‍වේ දැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 10:3
6 හුවමාරු යොමු  

නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝයයි කියමියි කීය.


එවිට යෝසෙප් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට: නුඹලා ඔත්තුකාරයෝය; දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔවුන්ට කීය.


නේර්ගේ පුත්‍රවූ අබ්නේර් ඔබ රවටා, ඔබගේ යාම ඊමත් ඔබ කරන සියල්ලත් දැන ගන්ට ආ බව ඔබ දන්නෙහියයි කීවේය.


එවිට අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු හානූන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? ඔහුගේ සේවකයන් ඔබ වෙතට ආවේ දේශය විභාගකර, ඔත්තු බලා, ඒක නාස්තිකරන අදහසින් නොවේදැයි කීවෝය.


උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;


සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.