එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
2 සාමුවෙල් 1:5 - Sinhala Revised Old Version එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව නුඹ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය. Sinhala New Revised Version එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය. Sinhala New Revised Version 2018 එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය. |
එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.