යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.
2 රාජාවලිය 9:18 - Sinhala Revised Old Version මෙසේ එක්කෙනෙක් අශ්වයෙකු පිට නැගී ඔහුගේ පෙරමගට ගොස්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය. මුරකාරයා කථාකොට: පණිවිඩකාරයා ඔවුන් ළඟට පැමුණුණ නුමුත් ආපසු නොඑන්නේයයි කීවේය. Sinhala New Revised Version මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය. Sinhala New Revised Version 2018 මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය. |
යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.
එවිට ඔහු දෙවෙනි අසරුවෙකු යැවීය, ඔහුද ඔවුන් ළඟට ඇවිත්: සමාදානයෙන්දැයි රජ අසන්නේයයි කීය. යේහුද: සමාදානයෙන් නුඹට ඇති කම මොකද? හැරී මා පස්සෙන් එන්නැයි කීවේය.
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
යේහු දොරටුවෙන් ඇතුල්වෙන විට ඈ කථාකොට: ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, නුඹ සමාදානයෙන්දැයි ඇසුවාය.
සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමේ ගෙට ඇතුල් නොවන්න, ළතෝනි කියන්ට නොයන්න, ඔවුන් ගැන ශෝක නොවන්න. මක්නිසාද මාගේ සමාදානය, එසේය, කරුණාව සහ අනුකම්පාව, මේ සෙනඟගෙන් අහක්කරගතිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.