ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 7:18 - Sinhala Revised Old Version

යව නැළි දෙකක් ෂෙකෙලයකටද සිහින් පිටි නැළියක් ෂෙකෙලයකටද හෙට මේ වේලාවට පමණ සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා රජුට කථාකර කී විට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට,

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 7:18
5 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.


එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.


ඒ අධිපතියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: බලව, ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් එබඳු දෙයක් සිද්ධවිය හැකිදැයි කීවේය. එලිෂා කථාකොට: නුඹ ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි කීවේය.


මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.