සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය.
2 රාජාවලිය 7:14 - Sinhala Revised Old Version ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝය; ගොස් බලන්නය කියා රජ සිරිය සේනාව පස්සේ ඔවුන් යැවීය. Sinhala New Revised Version ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. “එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය. Sinhala New Revised Version 2018 ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. “එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය. |
සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය.
ඔව්හු ඔවුන් පස්සේ යොර්දාන් දක්වා ගියෝය. මාවත දිගටම සිරියවරුන් ඉක්මනින් පලායද්දී වීසිකළ වස්ත්‍රවලින් සහ භාජනවලින් පිරී තිබුණේය. පණිවිඩකාරයෝ හැරී ඇවිත් රජුට දැන්නුවෝය.
යෙස්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා යේහුගේ හමුදාව එනවා දැක: හමුදාවක් මට පෙනේයයි කීය. යෝරාම්ද: නුඹ අසරුවෙකුට අඬගසා–සමාදානයෙන්දැයි අසන්ට ඔවුන්ගේ පෙරමගට අරින්නැයි කීවේය.