ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 7:12 - Sinhala Revised Old Version

රජතෙමේ රාත්‍රියේ නැගිට තමාගේ සේවකයන්ට කථාකොට: ඉතින් සිරියවරුන් අපට කර තිබෙන කාරණය නුඹලාට දන්වමි. අපට බඩගිනි ඇති බව ඔව්හු දනිති; එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා නුවරට ඇතුල්වෙන්ට සිතාගෙන පිටත සැඟවී ඉන්ට කඳවුර අත්හැර ගියෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 7:12
4 හුවමාරු යොමු  

දොරටුපාලයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට දැන්නුවෝය.


සේවකයන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: නුවර ඉතුරුව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන ගොස් බලන්ට මනුෂ්‍යයන් යවමු, ඔවුන් මෙහි ඉතුරුව සිටින මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්ය; ඔවුන් විනාශවූ මුළු ඉශ්‍රායෙල් සමූහයා මෙන්යයි කීවේය.


ඔවුන්ට අණකොට: නුඹලා නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.