ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය.
2 රාජාවලිය 4:32 - Sinhala Revised Old Version එලිෂා ඒ ගෙදරට පැමුණුණ විට ළමයා මැරී තමාගේ ඇඳේබාවා ඉන්නවා දුටුවේය. Sinhala New Revised Version එලිෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබෙනු දිටී ය. Sinhala New Revised Version 2018 එලිෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබෙනු දිටී ය. |
ඉක්බිති මෙයින් පසු ගෙදර ස්වාමිදුවවූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය; ඔහුගේ රෝගය කොපමණ බලවත් වීද යතහොත් ඔහු තුළ හුස්ම නැතිවිය.
ගෙහාසී ඔවුන්ට ඉස්සරව ගොස් සැරයටිය ළමයාගේ මුහුණ පිට තැබුවේය; නුමුත් කිසි හඬක්වත් සැලකීමක්වත් නොවීය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමගට හැරී ඇවිත්: ළමයා පිබිදුණේ නැතැයි ඔහුට දැන්නුවේය.