ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.
2 රාජාවලිය 4:25 - Sinhala Revised Old Version මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණියාය. තවද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඈ දුරදී දැක තමාගේ මෙහෙකරුවූ ගෙහාසීට කථාකොට: අන්න, අර ෂුනෙම්මිය ස්ත්‍රී එනවා. Sinhala New Revised Version මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය. Sinhala New Revised Version 2018 මෙසේ ඈ ගොස් කර්මෙල් කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය. |
ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.
ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන:
එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය.
කොටළුදෙන සූදානම්කර ඇගේ වැඩකාරයාට කථාකොට: දක්කාගෙන යන්න; මා නුඹට නොකියා, මා නිසා නුඹේ දැක්කීම බාල නොකරන්නැයි කීවාය.
දැන්ම ඇගේ පෙරමගට දිවගොස්: නුඹ සුවසේද? නුඹේ පුරුෂයා සුවසේද? ළමයා සුවසේද කියා ඇගෙන් අසන්නැයි කීවේය. සුවසේයයි ඈ උත්තරදුන්නාය.
ඈ වනාහි කන්දේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්වාගත්තාය. එවිට ගෙහාසී ඈ අහක්කරන පිණිස ළංවිය; නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා කථාකොට: ඈ නිකම් උන්නාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි; ස්වාමීන්වහන්සේ එය මට නොදන්වා, මාගෙන් සැඟවූසේකැයි කීවේය.
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
එකල්හි රජ: එලිෂා කළාවූ සියලු මහත් දේවල් මට කියන්නැයි කියා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කථාකරකර සිටියේය.
සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.