තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
2 රාජාවලිය 20:1 - Sinhala Revised Old Version ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය. Sinhala New Revised Version ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය. Sinhala New Revised Version 2018 ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය. |
තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
ඔහු කථාකොට: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
එබැවින්–නුඹ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔවුන්ට කියන්නැයි කීවේය. එලියා පිටත්ව ගියේය.
තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය.
එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරිබ් ගැන නුඹ මට කළ යාච්ඤාව මම ඇසීමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක.
මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.