2 රාජාවලිය 18:34 - Sinhala Revised Old Version හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හිද හේනාහිද ඉව්වාහිද දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද? Sinhala New Revised Version හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? Sinhala New Revised Version 2018 හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද? |
තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.
හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.
දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.
කල්නේට ගමන්කර ගොස් බලන්න; එතැනින් මහ හමාත්ට යන්න. පිලිස්තිවරුන්ගේ ගාත්ටද යන්න. ඒවා මේ රාජ්‍යවලට වඩා හොඳද? නොහොත් නුඹලාගේ සීමාවට වඩා ඔවුන්ගේ සීමාව විශාලද?
එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.