ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 17:40 - Sinhala Revised Old Version

එසේවී නුමුත් ඔව්හු ඇහුම්කන් නොදී, තමුන්ගේ පළමු විධිය ලෙස කළෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ වී නමුත්, ඔව්හු සවන් නො දී තමන්ගේ පැරණි විධිවිධාන ලෙස කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ වී නමුත්, ඔව්හු සවන් නො දී තමන්ගේ පැරණි විධිවිධාන ලෙස කළහ.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 17:40
7 හුවමාරු යොමු  

රූපවලට සේවය නොකරන්නැයි ස්වාමීන්වහන්සේ ඔවුන්ට කී නුමුත් ඔව්හු ඒ දේ කළෝය.


අද දක්වා ඔව්හු පළමු විධි ලෙස කෙරෙති. ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය අතුව නොසිටිති, තමුන්ගේම නියෝගද පනත්ද ලෙස නොකෙරෙති, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් යන නම තැබූ, යාකොබ්ගේ පුත්‍රයන්ට අණකළ උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද ආඥාවේද හැටියට නොකෙරෙති;


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටින්න; උන්වහන්සේ නුඹලාගේ සියලු සතුරන් අතින් නුඹලා ගළවනවා ඇතැයි කීසේක.


මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පනත්වලද ඉශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසුරුණු නිසාය.


කූෂ් වැසියාට තමාගේ හමවත් අඳුන් දිවියාට උගේ තිත්වත් වෙනස්කරන්ට පුළුවන්ද? පුළුවන් නම්, නපුර කරන්ට පුරුදුව සිටින නුඹලාටත් යහපත කරන්ට පුළුවන්වේ.


එහිදී නුඹලා ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත.