2 රාජාවලිය 17:29 - Sinhala Revised Old Version එසේ වුවත් ඒ ඒ ජාතීහු තම තමුන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ඒ ජාතීන් විසූ නුවරවල තිබුණාවූ උස් තැන්හි ගෘහවල ඒවා තැබුවෝය. Sinhala New Revised Version එසේ වුවත්, ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ. Sinhala New Revised Version 2018 එසේ වුවත්, ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ. |
මක්නිසාද ඔහු බෙතෙල්හි පූජාසනයටත් සමාරීය නුවරවල උස් තැන්හි තිබෙන සියලු ගෘහවලටත් විරුද්ධව ස්වාමීන්වහන්සේගේ ආඥාව පරිදි මොරගසා කී වචනය ඉෂ්ටවෙනවාම ඇතැයි කීවේය.
මෙසේ ඔවුන් සමාරියෙන් ගෙනගිය පූජකයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් බෙතෙල්හි වාසයකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවිය යුතු අන්දම ඔවුන්ට ඉගැන්නුවේය.
එසේය, සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.
ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය.