ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 රාජාවලිය 10:13 - Sinhala Revised Old Version

යූදාහි රජවූ අහසියාගේ සහෝදරයන් යේහුට සම්බවී: නුඹලා කවුරුදැයි ඇසුවේය. අපි අහසියාගේ සහෝදරයෝය. රජුගේ පුත්‍රයන්ටත් බිසවගේ පුත්‍රයන්ටත් ආචාරකරන්ට යමුයයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.

පරිච්ඡේදය බලන්න



2 රාජාවලිය 10:13
8 හුවමාරු යොමු  

ඔහු නැගිට සමාරියට යන්ට පිටත්වුණේය. ඔහු මගදී බැටළු ලොම් කපන්නන්ගේ ගෙට ළංව සිටියදී,


ඔහුද: ඔවුන් පණපිටින් අල්ලාගන්නැයි කීය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මනුෂ්‍යයන් සතළිස් දෙදෙනෙක්වූ ඔවුන් බැටළු ලොම් කපන්නන්ගේ ගෙය ළඟදී මැරුවෝය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඔහු ඉතුරුකළේ නැත.


යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය.


යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.


ඔව්හු යූදාට විරුද්ධව අවුත් ඇතුළට වැද, රජගෙදර තිබුණු සම්පත් සියල්ලද ඔහුගේ පුත්‍රයන්ද භාර්යාවන්ද රැගෙන ගියෝය; ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයාවූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරිනොවීය.


ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.