උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
2 පේත්‍රැස් 2:11 - Sinhala Revised Old Version එහෙත් දේවදූතයෝ පරාක්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති. Sinhala New Revised Version පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුම් දේව දූතයෝ වුව ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති. සිංහල කාලීන පරිවර්තනය දේව දූතයින්, සවියෙන් හා බලයෙන් වැඩි වුව ද ඔවුහු ස්වාමින්වහන්සේ අබියස ඔවුනට එරෙහිව අපහාසාත්මක චෝදනා නො නගති. Sinhala New Revised Version 2018 පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුම් දේව දූතයෝ වුව ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති. |
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.
දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය.