ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 8:22 - Sinhala Revised Old Version

තවද නොයෙක්විට නොයෙක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පුවුණාවූ, දැන් නුඹලා කෙරෙහි ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තෙක්වූ අපේ සහෝදරයා ඔවුන් සමඟ එවීමුව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්‍යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්‍යෝගිමත් ව සිටියි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් සමඟ තවත් අප සහෝදරයකු අපි ඔබ වෙත එවන්නෙමු. නොයෙක් විට බොහෝ කාරණාවලදී තම උද්යෝගී භාවය ඔප්පු කර පෙන්වූ ඔහු, ඔබ වෙත ඇති ඔහුගේ දැඩි විශ්වාසය නිසා දැන් ඒ කවදාටත් වඩා වැඩි උද්යෝගයකින් සිටියි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්‍යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්‍යෝගිමත් ව සිටියි.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 8:22
3 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.


තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව, නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව, ක්‍රිස්තුස්වහන්සේගේ තේජසක්ව සිටිති.