නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.
2 කොරින්ති 2:2 - Sinhala Revised Old Version මක්නිසාද මම නුඹලා ශෝකයට පත්කරම් නම්, මා විසින් ශෝකයට පත්කරන අයම මිස මා සන්තෝෂකරන්නේ වෙන කවුද? Sinhala New Revised Version මා ඔබට සිත් වේදනා දුන්නොත්, මට සතුට දෙන්නට ඉන්නේ, මා සිත් වේදනාවට පත් කළ අය ම හැර, අන් කවරෙක් ද? සිංහල කාලීන පරිවර්තනය මන්ද මා, ඔබ වේදනාවට පත් කළහොත්, මා විසින් වේදනාවට පත් කරන ලද්දවුන් මිස, මා සොම්නස් කරන්නට ඉන්නේ වෙන කවුරු ද? Sinhala New Revised Version 2018 මා ඔබට සිත් වේදනා දුන්නොත්, මට සතුට දෙන්නට ඉන්නේ, මා සිත් වේදනාවට පත් කළ අය ම හැර, අන් කවරෙක් ද? |
නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.
අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?
මෙසේ මම ඒ ලියුමෙන් නුඹලා ශෝකයට පැමිණෙවු නිසා කනගාටුවූ නුමුත්, දැන් කනගාටු නොවෙමි; කලකට පමණක් වුවත් ඒ ලියුම නුඹලා ශෝකයට පැමිණෙවු බව මට පෙනේ.