2 කොරින්ති 12:3 - Sinhala Revised Old Version එයාකාර මනුෂ්‍යයෙක් පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි. Sinhala New Revised Version ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි. සිංහල කාලීන පරිවර්තනය මෙම මිනිසා පාරාදීසයට ඔසවා ගනු ලැබූ බව දනිමි; එහෙත් ශරීරයෙන් යුක්තව ද ශරීරයෙන් වියුක්තවදැයි නො දනිමි; දෙවියන්වහන්සේ දන්නා සේක. Sinhala New Revised Version 2018 ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි. |
ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.