මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය.
2 කොරින්ති 11:6 - Sinhala Revised Old Version මම කථාවට නිවට නුමුත් දැනගැන්මෙන් නිවට නොවෙමි; එපමණක් නොව අපි හැම දෙයින්ම සියල්ලන් අතරේ නුඹලා උදෙසා ඒ බව ප්‍රකාශකළෙමුව. Sinhala New Revised Version මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි. සිංහල කාලීන පරිවර්තනය මා කතාවට අදක්ෂ නමුත්, දැනගැන්මෙන් එසේ නැත. සැබවින් ම, හැම දේකදී ඒ වග ඔබට පැහැදිලි වන අයුරින් අප කටයුතු කර ඇත. Sinhala New Revised Version 2018 මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි. |
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය.
මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක.
කෙසේදයත්: ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද,
අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.
මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම ඇතුව නුඹලා අතරෙහි කරනලද්දේය.
ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.
පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද;
නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.
ඒ ප්‍රකාරයට නුඹලා එය කියවන විට ක්‍රිස්තුස්වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම නුඹලාට තේරුම්ගන්ට පුළුවන;