ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදෑනීන් තුන්දහස් තුන්සියයක් වූහ.
2 ලේකම් 8:10 - Sinhala Revised Old Version සෙනඟ කෙරෙහි ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනිවරුන් දෙසිය පනස්දෙනෙකුත් සාලමොන් රජුට සිටියෝය. Sinhala New Revised Version සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පණස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය. Sinhala New Revised Version 2018 සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පනස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය. |
ඒ හැර වැඩබලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ, සාලමොන්ගේ ප්‍රධාන මුලාදෑනීන් තුන්දහස් තුන්සියයක් වූහ.
සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනීහු පන්සිය පනස් දෙනෙක් වූහ.
ඔහු ඔවුන්ගෙන් හැත්තෑදාහක් බර අදින පිණිසද අසූ දහසක් කඳුවල ලී කැපීමටද තුන්දහස් හසියයක් සෙනඟ ලවා වැඩකරවන මුලාදෑනීන් කොටද පත්කෙළේය.
සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය.
නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් තමාගේ වැඩට කිසිවෙකු දාසයෙකු කොට පත් නොකෙළේය. ඔව්හු වනාහි යුද්ධ කාරයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ රථාධිපතියෝව ඔහුගේ අසරුවෝව සිටියෝය.