ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.
2 ලේකම් 36:16 - Sinhala Revised Old Version එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය. Sinhala New Revised Version එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය. |
ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.
එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.
නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නුමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම්කළෝය.
නුමුත් අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේ උදහස්කෙරෙවු බැවින් උන්වහන්සේ කල්දියවූ බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවාදුන්සේක; ඔහුද මේ ගෘහය විනාශකොට සෙනඟ බබිලෝනියට ගෙනගියේය.
එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.
ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.
මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
නුඹලා මම කඩුවට නියමකරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
මාගේ වචන අසන්ට අකැමැතිවූ, තමුන්ගේ සිත්වල මුරණ්ඩුකම ලෙස හැසිර අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් ඔවුන් පස්සේ යන්නාවූ මේ නපුරු සෙනඟ වැදගැන්මකට නැති මේ පටිය මෙන් වෙනවා ඇත.
අහෝ ස්වාමීන්වහන්ස, ඔබ මා පෙළඹූවූසේක, මම පෙළඹුනෙමි. ඔබ මට වඩා බලවත්ව ජයගත්සේක. මම සෑමදාම කවටකමක්ව සිටිමි, සියල්ලෝම මට කවටකම්කරති.
මක්නිසාද මම කථාකරන සෑමවිටම මොරගසමි; බලාත්කාරය හා නාස්තියයයි කෑගසා කියමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ වචනය සෑමදාම මට නින්දාවක් සහ කවටකමක් කරනලද්දේ විය.
මක්නිසාද යූදාහි රජවූ ශෙදෙකියා ඔහුට කථාකොට: නුඹ අනාගතවාක්‍ය කියමින්– ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඒක අල්වා ගන්නේය;
ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.
එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.
මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, නුඹලා මිසරයට පැමුණුණාම නුඹලා පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. නුඹලා ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය නුඹලා තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව.
මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්,
එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝ වලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය.
ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.
හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය.
ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.
අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.
මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;
එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.
තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.
එහෙත් ඔව්හු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුම්කන්නොදී, අන් දෙවිවරුන් අනුව අනාචාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය.