තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියවුණ ඔවුන්ගේ පිරිමින් හැර තමුන්ගේ පංක්තිවල හැටියට තමුන්ගේ තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වූ සියල්ලන්ටත් එසේ දුන්නෝය.
2 ලේකම් 31:4 - Sinhala Revised Old Version ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය. Sinhala New Revised Version ඇරත්, පූජකයන් ද ලෙවීවරුන් ද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටීම පිණිස ඔවුන්ගේ කොටස් දෙන ලෙස ඔහු ජෙරුසලමෙහි විසූ සෙනඟට අණ කෙළේ ය. Sinhala New Revised Version 2018 ඇරත්, පූජකයන් ද ලෙවීවරුන් ද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටීම පිණිස ඔවුන්ගේ කොටස් දෙන ලෙස ඔහු ජෙරුසලමෙහි විසූ සෙනඟට අණ කෙළේ ය. |
තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියවුණ ඔවුන්ගේ පිරිමින් හැර තමුන්ගේ පංක්තිවල හැටියට තමුන්ගේ තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වූ සියල්ලන්ටත් එසේ දුන්නෝය.
සියලුම දේවල සියලුම ප්‍රථම ඵලවලින් පළමු ඒවාද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. නුඹේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස නුඹලාගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.
මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.
තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.
පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්–එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා–දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති.