ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 24:3 - Sinhala Revised Old Version

යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 24:3
7 හුවමාරු යොමු  

ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිශරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය.


මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරවන පිණිස නුඹේ අත මාගේ කළවය යට තබන්නැයි කීයේය.


ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවාගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය.


නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය.


යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.


ඉන්පසු යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ගෘහය ප්‍රකෘතිමත්කරන්ට සිතට ගෙන,