2 ලේකම් 17:2 - Sinhala Revised Old Version ඔහු යූදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යූදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය. Sinhala New Revised Version ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය. Sinhala New Revised Version 2018 ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය. |
අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රෝන් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය.
ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.
ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යූදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.
ස්වාමීන්වහන්සේ යෙහෝෂාපාට් සමඟ සිටිසේක. මක්නිසාද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ ප්‍රථම මාර්ගවල හැසිර, බාල් දේවතාවුන්ට සේවය නොකර,