1 සාමුවෙ 31:3 - Sinhala Revised Old Version සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය. Sinhala New Revised Version සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය. Sinhala New Revised Version 2018 සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය. |
එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
පිලිස්තිවරුන් විසින් ගිල්බොවාහි සාවුල් මැරූ දවසේදී පිලිස්තිවරු සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් බෙත්-ෂාන්හි වීථියේ එල්ලාදැමුවෝය. එතැනින් ඔවුන්ගේ ඇට යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණේය.
නුමුත් එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත දමා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මට බොහෝ තුවාලවීයයි රථචාරියාට කීය.
එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.