1 සාමුවෙ 17:29 - Sinhala Revised Old Version දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා, Sinhala New Revised Version දාවිත් පිළිතුරු දෙමින්, “මම දැන් කුමක් කෙළෙම් ද? ප්‍රශ්නයක් ඇසුවා පමණක් නොවේ දැ”යි කියා, Sinhala New Revised Version 2018 දාවිත් පිළිතුරු දෙමින්, “මම දැන් කුමක් කෙළෙම් ද? ප්‍රශ්නයක් ඇසුවා පමණක් නොවේ දැ”යි කියා, |
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.
ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරීගොස් ඒ හැටියටම කථාකෙළේය. මිනිස්සු පළමු හැටියටම ඔහුට නැවතත් උත්තරදුන්නෝය.