ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 16:11 - Sinhala Revised Old Version

නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 16:11
8 හුවමාරු යොමු  

නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.


එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.


එබැවින් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියව–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා නුඹ වෙන පිණිස තෘණබිමෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද මම නුඹ අහක්කොට ගතිමි.


මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.


මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්සුවේය. සාමුවෙල්ද: මොවුන් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි යෙස්සේට කියා,


ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.