1 සාමුවෙ 10:4 - Sinhala Revised Old Version ඔවුන් නුඹට ආචාර කොට රොටි දෙකක් නුඹට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න. Sinhala New Revised Version ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. Sinhala New Revised Version 2018 ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න. |
එවිට නුඹ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් නුඹට සම්බවන්නෝය.
ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.
එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.