ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.
1 ලේකම් 7:4 - Sinhala Revised Old Version ඔවුන් සමඟ තමුන්ගේ පරම්පරා වශයෙන්ද තමුන්ගේ පිය වංශවල ප්‍රකාරයටද ගණනින් තිස්හයදහසක්වූ යුද හමුදාවල් සිටියෝය. ඔවුන්ට බොහෝ භාර්යාවරුත් පුත්‍රයෝත් වූහ. Sinhala New Revised Version ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ. Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ. |
ඉශ්‍රායෙල්වරුන් විසින් කළ යුතු දේ කිමෙක්දැයි දැනෙන හැටියට කාලවල් ගැන තේරුම් ඇත්තාවූ ඉස්සාඛර් පුත්‍රයන්ගේ ප්‍රධානියෝද දෙසිය දෙනෙක්ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝද ඔවුන්ගේ අණට යටත්ව සිටියෝය.
උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.
සියලු ඉස්සාඛර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන්ව සිටියාවූ ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට, අසූහත් දහසක් වූවෝය.