තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.
1 ලේකම් 7:22 - Sinhala Revised Old Version මොවුන්ගේ පියාවූ එප්‍රායිම්ද බොහෝ දවස් වැලපුණේය, ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්ට ආවෝය. Sinhala New Revised Version මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය. Sinhala New Revised Version 2018 මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය. |
තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.
ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.
ඔහුගේ පුත්‍රයා සාබාද්ය, ඔහුගේ පුත්‍රයා ෂුතෙලාය. ඒ ඇර එසේර් සහ එලෙයාද්ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් ගෙනයන්ට බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝය.
ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ භාර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය, තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබීය.
යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.