ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 7:18 - Sinhala Revised Old Version

ඔහුගේ සහෝදරීවූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියෙසෙර්ද මාලාද බිහිකළාය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 7:18
8 හුවමාරු යොමු  

ඌලාම්ගේ පුත්‍රයෝ: බෙදාන්ය. මොව්හු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයෝය.


ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම්ය.


ගිලියද්ගේ පුත්‍රයෝ නම්: ඊයෙසෙර්ගෙන් පැවත ආ ඊයෙසෙර් පවුලය. හේලෙක්ගෙන් පැවත ආ හේලෙක් පවුලය.


මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබියෙසෙර්ගේ පුත්‍රයන්ටද හේලෙක්ගේ පුත්‍රයන්ටද අස්රීයෙල්ගේ පුත්‍රයන්ටද ෂෙකෙම්ගේ පුත්‍රයන්ටද හේපෙර්ගේ පුත්‍රයන්ටද ෂෙමිදාගේ පුත්‍රයන්ටද ඔවුන්ගේ පවුල්වල හැටියට කොටස් ලැබුණේය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පිරිමි දරුවෝ මොව්හුය.


ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය.


එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.


ස්වාමීන්වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණෑවක් පිම්බේය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.


ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද?