1 ලේකම් 6:43 - Sinhala Revised Old Version ඔහු යහත්ගේ පුත්‍රයාය, ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය. Sinhala New Revised Version ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. Sinhala New Revised Version 2018 ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. |
දාවිත් ගේර්ෂොන්ද කොහාත්ද මෙරාරීද යන ලෙවීගේ පුත්‍රයන් වංශවල හැටියට පංක්තිවලට බෙදුවේය.
ඔවුන්ගේ සහෝදරයෝ වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝය. එනම්: ඒතාන්ය. ඔහු කීෂ්ගේ පුත්‍රයාය, ඔහු අබ්දීගේ පුත්‍රයාය, ඔහු මල්ලූක්ගේ පුත්‍රයාය;
ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.
තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.