1 ලේකම් 2:53 - Sinhala Revised Old Version කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය. Sinhala New Revised Version කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය. Sinhala New Revised Version 2018 කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය. |
කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝය; එනම් හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක්ය.
සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය.
ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.
දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.
ස්වාමීන්වහන්සේගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.
එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනැවිත් ශොරාද එෂ්තායොල්ද අතරේ තිබෙන ඔහුගේ පියවූ මානෝවාගේ සොහොන්පෙළ් තැන්පත්කළෝය. ඔහු විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කෙළේය.