1 ලේකම් 2:52 - Sinhala Revised Old Version කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝය; එනම් හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක්ය. Sinhala New Revised Version කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය. Sinhala New Revised Version 2018 කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය. |
කිරියත්-යෙයාරීම්ගේ පවුල් නම් ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරුය; මොවුන්ගෙන් ශොරාතිවරුද එෂ්තායෝලිවරුද පැවත ආවෝය.
සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්-ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අට්රොත්-බෙත්-යෝවාබ්, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත්ය.
ෂෝබාල්ගේ පුත්‍රවූ රෙයායාට දාව යහත් උපන්නේය; යහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝය. මොව්හු ශොරාතිවරුන්ගේ පවුල්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-යෙයාරීම් යන මේවාය.