1 ලේකම් 18:9 - Sinhala Revised Old Version දාවිත් ශෝබාහි රජවූ හදර්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයු අසා, Sinhala New Revised Version දාවිත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජ වූ තොයු අසා, Sinhala New Revised Version 2018 දාවිත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජ වූ තොයු අසා, |
දාවිත් එසේ හදර්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් බැවින්, දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී පිත්තල බඩුත් එවුවේය; මක්නිසාද හදර්එසෙර් සහ තොයු අතරේ යුද්ධ තිබුණේය.
තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.
තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.