උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
1 ලේකම් 16:9 - Sinhala Revised Old Version උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්. Sinhala New Revised Version එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. Sinhala New Revised Version 2018 එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. |
උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.
දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.
එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.
නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.
නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.